Monday, December 23, 2024

General line - 0115112241

මරණ දඬුවම දෙන්න ඉන්න ලයිස්තුව ගෙන්නගෙන බැලූ ඇමතිනිය පළමු වැන්නා ගැන හෙළි කරයි




මත්ද්‍රව්‍ය ජවාරමේ නිරත වීම හේතුවෙන් මරණීය දණ්ඩණය නියම වී සිටින්නන්ගේ ලැයිස්තුවේ පළමුවෙන් සිටින්නේ කවුරුන්ද යන්න මේ වන විට හෙළිව තිබෙනවා.

ඒ අනුව එම ලයිස්තුවේ පළමුවෙන් සිටින්නේ කාන්තාවක් බවයි අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රංතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ පවසන්නේ.

කහවත්ත ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවැති උත්සවයට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළා.

එහිදී "මම වැඩ කරන්නේ දැන් බන්ධනාගාරේ..ඉතින් ගියාම ජීවිතේම එපා වෙනවා. මම බන්ධනාගාරයට ගියාම තමයි දැන ගත්තේ මේ රටේ කුඩු වැඩියෙන්ම එහාට මෙහාට ගෙනියන වැඩේ බාර අරගෙන කරන්නේ කාන්තාවෝ කියලා. මරණ දඩුවම දෙන්න තියෙන ලයිස්තුව ගෙන්නගෙන බලපුවාම කණගාටුවෙන් කියන්න ඕනේ පළවෙනියටම ඉන්නේ කාන්තාවක්. මම එක්කෙනෙක්ගෙන් ඇහුවා ඇයි ඔයා මෙහෙ කියලා.. එයා කියනවා.. එක ළමයෙකුට උදව්වක් කරන්න ගිහින් පොලිසියට අහු වුණා. ග්‍රෑම් එකට පොලිසියෙන් ග්‍රෑම් දෙකක් දැම්මා කියලා." යනුවෙන් සඳහන් කළා.