Monday, December 23, 2024

General line - 0115112241

ආණ්ඩුවට අයිති නැති කරුණක් ගැන ඒකාබද්ධ විපක්ෂය කියයි

ලහිරු කපුගේ




ජනතාව ප‍්‍රතික්ෂේප කර ඇති ආණ්ඩුවකට නව ව්‍යවස්ථා හෝ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට අයිතියක් නොමැති බව ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ති‍්‍ර දිනේෂ් ගුණවර්ධන පවසනවා.

‘‘ජනතාවගේ ඡන්ද අයිතිය ලබා දෙනු - හොර ව්‍යවස්ථා හකුලා ගනු’’ මැයෙන් කොළඹ පැවැති මහජන සම්මන්ත‍්‍රණයකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. 

සම්මන්ත‍්‍රණයට එක්වූ ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා විධායක ජනාධිපති ක‍්‍රමය ඉවත් කිරීමෙන් මතුවිය හැකි අහිතකර තත්ත්වයන් පිළිබඳ කරුණු දැක්වූයේ මෙලෙසයි.

"අදටත් ශ්‍රී ලංකාව ඒකිය රාජ්‍යක් යටතේ පවත්වාගෙන යන්න මේ රටේ හිටපු ජනාධිපතිවරු 05 දෙනෙක් ක්‍රියා කළා. ඒ නිසා තමයි අද ලොකු ව්‍යාපාරයක් ඇති වෙලා තියෙන්නේ මේ ජනාධිපති ක්‍රමය ඉවත් කරන්න. මේ ජනාධිපති ක්‍රමය ඉවත් කරපු ගමන් 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ දැනටමත් මහඇමතිවරුන්ට දීලා තියෙන බලතල ඒ මහඇමතිවරුන්ට පාවිච්චි කරන්න පුළුවන්කම ලැබෙනවා." 

(මෙම සම්පූර්ණ හඬපටය පහතින් දැක්වෙයි)

සමුළුවේ මුලසුන හෙබවූ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් අදහස් පළ කරමින් සඳහන් කළේ රට බෙදා වෙන් කරනවා වෙනුවට සියලු ජාතීන් එක මවකගේ දරුවන් ලෙස එකතු විය යුතු බවයි.