නීති විරෝධී ක්‍රම භාවිතා කර ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී සිටි ශ්‍රී ලාංකිකයන් 18 දෙනෙකු (17) දින උදෑසන එරටින් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණා.
මෙම පිරිස අද දින උදෑසන 6.45 ට ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර සිට, එරටට අයත් විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණා.
මෙම ශ්‍රී ලාංකිකයන් එක් අයෙකුට, දෙදෙනා බැගින් ඕස්ට්‍රේලියානු ආරක්ෂක නිලධාරීන් 36 දෙනෙකු ද මෙම ගුවන් යානයේ පැමිණ සිටි බවයි ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ.
A- 319 එයා බස් වර්ගයේ මගීන් 160 දෙනෙකුට පමණ ගමන් කළ හැකි විශාල මගී ගුවන් යානයක් මෙම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ඕස්ට්‍රේලියානු රජය යොදවා තිබුණා.
මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස පැපුවා නිව්ගිනියාවල පිහිටුවා ඇති රැදවුම් මධ්‍යස්ථානයක රදවා තබා සිටි පිරිසක් බව ගුවන් තොටුපොළ ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.