කොළඹ දිස්ත‍්‍රික්කයේ ක්ෂේත‍්‍ර සේවයේ නියුතු පවුල් සෞඛ්‍ය සේවිකාවන් අද වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගයක නිරත වනවා. මේ නිසා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 18ක සායන අඩාළ වන බවයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු පවසන්නේ.
අලූතින් බ`දවා ගත් පවුල් සෞඛ්‍ය සේවිකාවන් පිරිසකට පත්වීම් ලබාදීමේදී සිදුව ඇතැයි කියන අක‍්‍රමිකතාවකට එරෙහිව මෙම වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ගය සිදු කෙරෙන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.