හිටපු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්ගෙන් පොලිසිය ප‍්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. යාපනයේ පිහිටි ඇගේ නිවසේදී පොලිසිය ඊයේ පස්වරුවේ මෙම ප‍්‍රකාශය සටහන් කරගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.
එල් ටී ටී ඊය පැවති සමයේදී මෙම වකවානුවේදී මෙන් අපරාධ සිදු නොවූ බවත් ඒ නිසා එවැනි පාලනයක් උතුරට නැවත අවශ්‍ය බවත් විජයකලා මහේෂ්වරන් ඉකුත්දා ප‍්‍රකාශ කළා. පොලිසිය ඇයගෙන් ප‍්‍රකාශයක් සටහන් කරගෙන ඇත්තේ ද ඒ පිළිබ`දවයි.