දක්ෂිණ අධිවේගී මාර්ගයට සමාන්තරව ඇති අංකොක්කාවල මාර්ගයේ අනතුරුදායක ලෙස සහ මහජනතාවට පීඩාකාරී ලෙස යතුරුපැදි ධාවනය කළ 06 දෙනෙකු අක්මීමන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම යතුරුපැදිවල අංක තහඩු ගලවා තිබු අතර අධික ශබ්දයක් නිකුත් වන පරිදි ඒවායේ වෙනස්කම් ද සිදු කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.
අත්අඩංගුවට ගත් අය යතුරුපැදි ධාවනය කර ඇත්තේ තනි රෝදයෙන් හෝ වෙනත් සංදර්ශන රටාවන්ගෙන්. මෙලෙස අත්අඩංගුවට ගත් අයගෙන හතර දෙනෙකුට රියදුරු බලපත්ර ද නොමැති බව අනාවරණ වී තිබෙනවා. ඔවුන්ගෙන් දෙදෙනෙකු බාලවයස්කරුවන් බවයි වැඩිදුරටත් අනාවරණ වී ඇත්තේ.