Monday, December 23, 2024

General line - 0115112241

උතුරු සභාවේ මතභේද උග්‍ර වෙයි - ආණ්ඩුකාරවරයාගෙන් ලේකම්ට ලිපියක්




උතුරු පළාත් සභාවේ මීළඟ සැසිවාරය තමන්ගේ අනුදැනුමකින් තොරව නොපවත්වන ලෙස ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ දැනුම් දී තිබෙනවා. ඒ, පළාත් සභා ලේකම්වරයා වෙත ලිපියක් යොමු කරමින්.

පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා විසින් ධුරයෙන් ඉවත් කළ උතුරු පළාත් සභාවේ හිටපු අමාත්‍ය පී ඩැනීෂ්වරන් යළි අමාත්‍ය ධුරයේ පිහිටුවන ලෙස විපක්ෂයේ මන්ත‍්‍රීවරුන් පිරිසක් විසින් බල කිරීමත් සමග මේ දිනවල උතුරු පළාත් සභාව තුළ දැඩි මතභේදකාරී තත්වයක් හටගෙන තිබෙනවා. පළාත් ආණ්ඩුකාරවරයා විසින් ඉහත දැනුම්දීම කර ඇත්තේ ඒ අනුවයි.