Monday, December 23, 2024

General line - 0115112241

දරුවකු කෙලෙසුවේයැයි සැක පිට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිමිනම රිමාන්ඩ්




බාලවයස්කාර පිරිමි දරුවෙකු අපයෝජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගම්පහ - නාගස්ඇල්ල - ශ්‍රී විවේකාරාම විහාරාධිපති අපරැක්කේ පඤ්ඤානන්ද හිමියන් (63) ලබන 26 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

09 හැවිරිදි බාලවයස්කාර පිරිමි දරුවෙකු අපයෝජනය කර ඇති බවට ලද පැමිණිල්ලකට අනුව අදාළ හිමිනම ඊයේ (17) පෙරවරුවේ අත්අඩංගුවට ගැනුණා.

මෙම හිමිනම 2004 මහ මැතිවරණයේදී ජාතික හෙළ උරුමය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත්ව තිබෙනවා. අපයෝජනයට ලක්වූ දරුවා මේ වනවිට ගම්පහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවයි පොලීසිය සඳහන් කළේ