අලුතින් පත්කෙරුණු අධීක්ෂණ මන්තී්රවරුන් පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවේදී ඊයේ (18) චෝදනා එල්ල කළා.
ඊට ප්රතිචාර දැක්වූ එක්සත් ජාතික පක්ෂය කියාසිටියේ නව අධීක්ෂණ මන්තී්රවරුන් කිසිදු දීමනාවක් ලබානොගෙන ස්වේච්ඡාවෙන් සේවය කරන බවයි.
ජාතිය ගොඩනැගීමේ බදු සංශෝධන පනත් කෙටුම්පත සහ ඉඩම් සන්තකය පැවරීම සීමා කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී ඊයේ සම්මත වුණා. පාර්ලිමේන්තුව අද (19) දිනයේද රැස්වීමට නියමිතයි.