Tuesday, December 24, 2024

General line - 0115112241

අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් තවදුරටත් සටනේ

තරංග රුක්ෂාන් ජයසේකර




අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් කොළඹ ලිප්ටන් වටරවුම අසල ආරම්භ කළ අඛණ්ඩ සත්‍යග‍්‍රහය තවදුරටත් සිදුවනවා.

ඔවුන් මෙම සත්‍යග‍්‍රහය ආරම්භ කළේ විරෝධතා පා ගමනකින් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව අසලට පැමිණීමෙන් අනතුරුවයි. පොලීසිය සහ සිසුන් අතර ඇති වූ උණුසුම් තත්ත්වයකින් අනතුරුව ඊයේ (18) එම විරෝධතාව අවසන් වුණා.

විෂයභාර අමාත්‍යවරයා සමග සාකච්ඡාවක් ලබාදෙන ලෙසට සිසුන් කළ ඉල්ලීම එහිදී බලධාරීන් ප‍්‍රතික්‍ෂේප කිරිම ඊට හේතුවයි.

තාක්‍ෂණික පීඨයේ සිසුන් 17 දෙනෙකුගේ පන්ති තහනම් කිරීමට සහ සිසුන් 4 දෙනෙකුගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීම ඇතුළු ගැටළු කිහිපයක් මුල්කර ගනිමිනුයි මෙම විරෝධතාව සහ අඛණ්ඩ සත්‍යග‍්‍රහය ආරම්භ කෙරුණේ. 

නවකවද සිද්ධියක් මුල්කර ගනිමින් අග්නිදිග විශ්ව විද්‍යාලයේ තාක්‍ෂණික පීඨයේ සිසුන් පිරිසකගේ පන්ති තහනම් කිරිමෙන් පසු ආරක්‍ෂකයින් ඇතුළු පිරිසක් ඉකුත්දා නේවාසිකාගාර පරීක්‍ෂා කළා. ඒ, අදාළ සිසුන් තවදුරටත් නේවාසිකාගාරවල රැදී සිටිනවා දැයි සොයා බැලීම සදහායි. එහෙත් එලෙස පැමිණි පිරිස් තියුණු ආයුධ සහ පොලූ රැගෙන පැමිණීම උණුසුම් මාතෘකාවක් බවට ද පත් වුණා.