ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡා වට දෙකක් ඊයේ (18) පැවැත්වුණා. එක් සාකච්ඡාවක් පැවැත්වුණේ මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සමගයි.
ඒ, පළාත් සභා මැතිවරණය කල් දැමීම මාතෘකා කර ගනිමින්. මැතිවරණය කල්දැමීම පිළිබඳ ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේදීද ඊයේ ප්‍රශ්න කළා.
පළාත් සභා මැතිවරණ ක්‍රමය පිළිබඳ අධ්‍යයනය කිරීමට පත් කළ සිවිල් සමාජ කමිටුව සමග ඊයේ පැවති සාකච්ඡාවේදී ඒකාබද්ධ විපක්ෂය යෝජනා කිහිපයක්ද ඉදිරිපත් කර තිබෙනවා.
ඒ පිළිබඳ අදහස් දැක්වූ පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ පළාත් සභාවල මැතිවරණයෙන් අනතුරුව බලය පිහිටුවීමේදී ඇතිවිය හැකි ප්‍රායෝගික ගැටලු පිළිබඳව අවධානය යොමු කෙරුණු බවයි.
මේ අතර ඒකාබද්ධ විපක්ෂයේ සියළු නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් ඒකාබද්ධ පොදුජන පෙරමුණේ පළමු රැස්විමද ඊයේ රාති‍්‍රයේ පැවැත්වුණා. ඒ, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ කාර්යාලයේදීයි. ඒ සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන සියළු පක්ෂ නායකයින් එක්ව සිටි බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර පත්ම උදයශාන්ත නෙත් නිවුස් වෙත කියාසිටියේ. අගෝස්තු මස පළමු වැනිදාට පෙර ඒ ඒ පක්ෂවල ඇති අදහස් සහ යෝජනා ලබා ගැනීමටත් තීරණය වී ඇති අතර ඒ අනුව නව සන්ධානයේ ස්වභාවය සහ ගමන් මාවත පිළිබඳව තීරණය කිරීමට නියමිතයි.
මෙම හමුව සඳහා ඉකුත්දා ආණ්ඩුවෙන් ඉවත් වු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ දහසයේ දෙනාගේ කණ්ඩායමේ සාමාජිකයින් සහභාගි නොවූ බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.
ඒකාබද්ධ විපක්ෂය සමග සම්බන්ධ වී සිටින සියළු පක්ෂ නායකයින්ගේ යෝජනා සැලකිල්ලට ගනිමින් ඒකාබද්ධ පොදුජන පෙරමුණේ ඉදිරි සැලසුම් තීරණය කිරීමටයි මෙහිදී එකගතාව පළ වී ඇත්තේ.