Tuesday, December 24, 2024

General line - 0115112241

කලු කොටි දිනය සමරන උතුරේ සංවිධානවලට සල්ලි

දිනසේන රතුගමගේ




ජූලි මස 23 වැනිදාට යෙදී තිබෙන කලු කොටි දිනය සමරන උතුරේ විවිධ සංවිධානවලට ආධාර උපකාර කිරීමට ස්විස්ටර්ලන්තයේ සිටින කොටි හිතවාදී සංවිධාන කැමැත්ත පලකොට ඇතැයි උතුරේ දෙමළ සංවිධාන කීපයක නියෝජිතයින් සඳහන් කරනවා.

ස්විස්ටර්ලන්තයේ සිටින ශ්‍රී ලාංකික දෙමළ සාමාජිකයන් හා එරට වෙසෙන විවිධ සංවිධාන සමග කළ සාකච්ඡාවකින් පසුව ඔවුන් මේ ගැන ඊයේ (18) සාකච්ඡා කොට ආධාර උපකාර කිරීමට තීරණයක් ගෙන් ඇතැයිද උතුරේ දෙමළ සංවිධාන නියෝජිතයින් පවසනවා.

ස්විස්ටර්ලන්තයේ මෙම සංවිධාන විසින්, මැයි මස 18 වෙනිදා යුද්ධයෙන් මියගිය පිරිස සමරා කළ උත්සව වෙනුවෙන් රුපියල් ලක්ෂ 14 ක මුදලක් ලබා දුන් බවද පෙන්වා දී තිබෙනවා. 

එල්.ටී.ටී.ඊ. සංවිධානයට එවීම සදහා 2005 වර්ෂයේදී ස්විස්ටර්ලන්තයේදී මෙසේ එකතු කරණ ලද මුදල්වලින් ස්විස් ෆ්රෑසන්ක් මිලියන 13.7 ක් වංචා කළ ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙකුට එරෙහිව එරට අධිකරණයක නඩුවක්ද විභාග වෙමින් පවතින බවයි වාර්තා වෙන්නේ.