ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකාට නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ධුරය ලබාදීමට මීට පෙර යෝජනා වූයේ පාතාලය ආරක්ෂා කිරීමටදැයි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායම සැක පළ කරනවා. අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා ඒ පිළිබඳ මෙලෙස කරුණු දැක්වූවා.
පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් බී දිසානායක ද මෙහිදී අදහස් පළකරමින් පැවසුවේ කවදත් එක්සත් ජාතික පක්ෂය කුඩු ඇතුළු මත්ද්‍රව්‍ය ජාවාරම පසුපස සිටිනා බවයි.
පුංචි බොරැුල්ලේ පිහිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී තිලංග සුමතිපාලගේ නිවසේදී මෙම මාධ්‍ය හමුව පැවැත්වුණා.