Sunday, April 28, 2024

General line - 0115112241

මහින්ද යුගයක් යළිත් බිහි කළොත් හරිලු

හරිත පෙරේරා




රට යළි නගා සිටුවීමට නම් මහින්ද රාජපක්ෂ යුගයක් යළි බිහිකළ යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා.

ඔහු පෙන්වා දෙන්නේ මහින්ද චින්තනය යටතේ සිදුවූ සංවර්ධනය දැන් නතර වී ඇති බවයි. 

ගතවූ වසර තුනේදී රටේ සියලූ ක්ෂේත‍්‍ර බිඳ වැටී ඇති බවයි හිටපු ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙම අදහස් පළ කළේ නුවරඑළියේ අද (22) පැවැති එළිය සංවිධානය කැඳවූ වැඩසටහනකට එක්වෙමින්.