Tuesday, April 30, 2024

General line - 0115112241

පස් හැවිරිදි දියණියට අතවරකළ පුද්ගලයා මවගේ පිහි පහරින් මිය යයි

දිනුක් හේවාවිතාරණ




සිය පස් හැවිරිදි දියණියට ලිංගික අතවරයක් සිදු කිරීමට තැත් කළ පුද්ගලයෙකුට එම දැරියගේ මව විසින් පිහියෙන් ඇණ ඝාතනය කිරීමේ සිදුවීමක් මුල්ලේරියාව ප්‍රදේශයෙන් වාර්තා වනවා.

නිවසේ තනිවම සිටි අවස්ථාවේදී පස් හැවිරිදි දැරියට එම පුද්ගලයා ලිංගික අතවරයක් සිදු කිරීමට උත්සහ කර තිබෙනවා. 

සිය දෙමවුපියන් නිවසට පැමිණි පසු එම දැරිය ඒ පිළිබඳව දැනුම් දී ඇති අතර පසුව ඔවුන් දෙදෙනා තම දියණියට ලිංගික අතවරය සිදුකිරීමට තැත්කළ පුද්ගලයා සොයා ඔහුගේ නිවසට ගොස් තිබෙනවා.

අදාල සැකකරුගේ නිවසේදී දෙපාර්ශවය අතර බහින්බස්වීමක් සිදුව ඇති අතර එහිදී කෝපයට පත් දැරියගේ මව විසින් එල්ල කළ පිහි පහරකින් එම සැකකරු බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

මෙම ඝාතනය සම්බන්ධයෙන් දැරියගේ මව පොලිසිය විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.