Friday, May 3, 2024

General line - 0115112241

බරපතල සහ අපරාධ නඩු විභාගයන් කඩිනම් කරනවා

සජිත් තිලකරත්න




දුෂණ සහ අක‍්‍රමිකතා ඇතුළු බරපතල අපරාධ පිළිබඳ නඩු කඩිනමින් විභාග කර අවසන් කිරීමට ආණ්ඩුවට ඇති වුවමනාව කිසිසේත් අඩු වී නොමැති බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා පවසනවා. ඔහු ඒ බව පැවසුවේ එක්සත් ජාතික පක්ෂය අද (07) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීයි.

බරපතල අපරාධ 120කට වැඩි ගණනක් සම්බන්ධයෙන් පරීක්ෂණ දැනටමත් අවසන් කර ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. ඒ අනුව ඒවායෙන් නඩු නිමිත්තක් ඇති කරුණු සම්බන්ධයෙන් නඩු පැවරීමට නීතිපති දෙපාර්තමේන්තුවට දැන් හැකියාව ඇති බවයි රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා වැඩිදුරටත් පැවසුවේ.