Friday, May 3, 2024

General line - 0115112241

පරස්පරතා රැසක් හමුවේ පාර්ලිමේන්තුව කල් තියයි

සමන්ත කුමාර




පාර්ලිමේන්තුව අදට (07) නියමිත කටයුතු අවසන් කිරීමට පෙර මීට නොබෝ වේලාවකට පෙර කල් තැබුණා. ඒ, සාපරාධි කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත් කෙටුම්පත විවාදයට ගනිමින් තිබියදීයි. මෙම කෙටුම්පත පිළිබඳ ඡන්ද විමසීම පස්වරු 6.30ට පැවැත්වීමට නියමිතව තිබුණා. 

ඒ වනවිට විවාදයේ පිළිතුරු කතාව කරමින් අදහස් දක්වමින් සිටියේ අමාත්‍ය තලතා අතුකෝරළයි. එහෙත් නියමිත කාලය ඉක්ම ගොස් ඇති නිසා ඡන්ද විමසීම පැවැත්විය යුතු බව විපක්ෂ මන්ත‍්‍රීවරුන් පෙන්වා දුන්නා. එම අවස්ථාවේ ආණ්ඩුව යෝජනා කළේ විවාදයේ කාලය දීර්ඝ කිරීමටයි. 

එසේ කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා ද ඡන්ද විමසීමක් පැවැත්විය යුතු බව විපක්ෂ මන්ත‍්‍රීවරුන් කියා සිටියා. පාර්ලිමේන්තුව කල් තැබුණේ ඇති වූ මෙම පරස්පරතාව හමුවේයි. හෙට (08) පස්වරු 01ට පාර්ලිමේන්තුව නැවත රැස්වනවා.