Friday, May 3, 2024

General line - 0115112241

බන්ධනාගාර නියාමකවරයෙක් කේරළ ගංජා සමඟ අත්අඩංගුවේ

හේමන්ත කහවලගේ




වැලිකඩ බන්ධනාගාර නියාමකවරයෙකු කේරළ ගංජා තොගයක් සමඟ වැල්ලම්පිටිය ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කේරළ ගංජා කිලෝග‍්‍රෑම් 10කට ආසන්න ප‍්‍රමාණයක් ඔහු ළඟ තිබී සොයා ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. 

තවත් පුද්ගලයින් දෙදෙනෙකු ද මෙහිදී අත්අඩංගුවට ගැණුනා. වැටලීම සිදු කළේ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්.