Friday, May 3, 2024

General line - 0115112241

ඉන්ධන මිල පහල යන ලකුණු

දිනුක් හේවාවිතාරණ




මෙම මාසයේදී ඉන්ධන මිලෙහි අඩුවීමක් සිදුවනු ඇති බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සදහන් කර සිටිනවා.  ඉන්ධන මිල තීරණය කරනු ලබන කමිටුව සිකුරාදා (10) රැස්වීමට නියමිතයි.

ඉන්ධන මිල ගණනය කරනු ලබන මිල සුත්‍රය ඉකුත් ජුලි 10 වෙනිදා හදුන්වා දෙනු ලැබූවා.

ජුලි මාසයේදී ජාත්‍යන්තර වෙළදපලේ ඉන්ධන මිලෙහි සැලකිය යුතු අඩුවීමක් සිදුව ඇති බැවින් ඉන්ධන මිලෙහි අඩුවීමක් සිදුවනු ඇති බව මුදල් අමාත්‍යාංශ අභ්‍යන්තර ආරංචි මාර්ග සදහන් කර සිටියි.

ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් වන මිල සුත්‍ර කමිටුව සෑම මාසයකම 10 වෙනිදා රැස්විමට තිරණය කර තිබේ.