Friday, May 3, 2024

General line - 0115112241

අගමැතිට සහ විපක්ෂ නායකට ඇති විශාල බලය ගැන දේශපාලන විචාරකයින් පෙන්වා දෙයි

ඩිල්ෂාන් මඩවල/සජිත් තිලකරත්න




ආණ්ඩුකරණයේදී විපක්ෂ නායක යනු හුදු තනතුරක් පමණක් නොව තීරණාත්මක සාධකයක් බව විචාරකයින් පෙන්වා දෙනවා.

ඔවුන් ඒ පිළිබඳ අදහස් දැක්වූයේ විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් මේ වනවිට ඇති වී තිබෙන සමාජ කතාබහ පිළිබඳ නෙත් නිවුස් කළ විමසීමකදීයි. 

පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධුරය සතු බලතල දැන් පෙරටත් වඩා වැඩි වී ඇතැයි ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක් වූ දේශපාලන විචාරක මොහාන් සමරනායක සඳහන් කළේ "19 වැනි සංශෝධනයෙන් පසු පිහිටුවන ලද ව්‍යවස්ථාදායක මණ්ඩලය..ඒකෙන් තමයි රජයේ ප්‍රධාන පෙළේ තනතුරු පත් කරන්නේ. මේ පත් කිරීමේදී අගමැතිට සහ විපක්ෂ නායකට විශාල බලයක් ලැබෙනවා." යනුවෙනි.

(එහිදී දැක්වූ තවත් අදහස් පහතින් අහන්න)

විපක්ෂ නායක ධුරය සඳහා ඉහළ වටිනාකමක් ඇතැයි ජාත්‍යන්තරය ද පිළිගෙන ඇති බවද මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා. 

විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ද ඊයේ උණුසුම් වාද විවාද ඇති වුණා. කථානායක කරූ ජයසූරිය මහතා පැවසුවේ ඒ පිළිබඳ සිය තීරණය මෙම සතිය ඇතුළත ප‍්‍රකාශ කරන බවයි. 

මේ පිළිබඳ ඔබේ අදහසට ද අවස්ථාවක් ලබාදීමට නෙත් නිවුස් සූදානම්. ඔබ සිතන පරිදි පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක විය යුත්තේ කවුරුන්දැයි 077 200 18 65 අංකයෙන් නෙත් නිවුස් වෙත වයිබර්, වට්ස්ඇප් හෝ එස්. එම්. එස්. කළ හැකියි.