Friday, May 3, 2024

General line - 0115112241

අද තරගයේ දී ශ්‍රී ලංකා පිළට වේග පන්දු යවන්නෙක් එකතු වෙයි - කුසල් කඩඉමක් අභියස

කසුන් කැළුම්




සංචාරක දකුණු අපි‍්‍රකානු කණ්ඩායම සහ ශී‍්‍ර ලංකා කණ්ඩායම අතර සිවුවන එක්දින කි‍්‍රකට් තරගය පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේදී අද (08) පැවැත්වෙනවා. 

දිවා රාතී‍්‍ර තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය පස්වරු 2.30ට ආරම්භ කිරීමට නියමිතයි. තරග 5කින් සමන්විත මෙම තරගාවලිය මේ වන විට 3 ට බින්දුවක් ලෙස දකුණු අපි‍්‍රකානු කණ්ඩායම ජය ගෙන සිටිනවා. 

අද තරගයේදී දග පන්දු යවන කී‍්‍රඩක ප‍්‍රභාත් ජයසූරිය වෙනුවට වේග පන්දු යවන කී‍්‍රඩක කසුන් රාජිත ශී‍්‍ර ලංකා කණ්ඩායමට කැදවනු ඇති බවයි වාර්තා වන්නේ. 

නිත්‍ය නායක ෆෆ් ඩු ප්ලෙසිස් ආබාධයකට ලක්වීම හේතුවෙන් අද තරගයේදී දකුණු අපි‍්‍රකානු කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ කඩුලූ රකින කී‍්‍රඩක ක්යින්ටන් ඩි කොක්. 

අද තරගයේ ශී‍්‍ර ලංකා කණ්ඩායම කාසියේ වාසිය දිනා ගත හොත් පළමුව පන්දුවට පහරදිය යුතු බවයි ජාත්‍යන්තර කි‍්‍රකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ පවසන්නේ.

ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ වන විට දකුණු අප‍්‍රිකානු කණ්ඩායම හමුවේ අඛණ්ඩව එක්දින තරග 11ක් පරාජයට පත්ව තිබෙනවා. 

පල්ලේකැලේ කී‍්‍රඩාංගණයේ ශී‍්‍ර ලංකාව සහභාගි වූ  අවසන් එක්දින තරග 4ද පරාජය පත්ව තිබීමද විශේෂත්වයක්.

කුසල් ජනිත් පෙරේරාට සිය එක්දින ලකුණු 2000 සම්පූර්ණ කිරීමට තවත් අවශ්‍යව ඇත්තේ ලකුණු 24ක් පමණයි.