Friday, May 3, 2024

General line - 0115112241

අත්අඩංගුවේ ඉන්න නායකයා "ආවා" කල්ලිය ගැන වමාරයි

දිනසේන රතුගමගේ




යාපනයේදී පොලිස් අත්අඩංගුවට පත්  ''ආවා'' කල්ලිය මෙහෙයවන ලද පුද්ගලයාගෙන් කල්ලිය සම්බන්දයෙන් මේ වන විට තොරතුරු රැසක් පොලීසියට ලැබී තිබෙනවා.

ඔහුගෙන් හා ඔහු සමග අත්අඩංගුවට ගත් තරුණයින් දස දෙනාගෙන් පොලීසියට ලැබුණු තොරතුරු මත තවත් සැකකරුවන් විසි දෙදෙනෙකු යාපනයේ විවිධ ස්ථානවලින් අත්අඩංගුවට ගැනීමට පොලීසියට හැකියාව ලැබී තිබෙනවා.

''ආවා'' කල්ලිය මෙහෙයවන ලද බව කියන පුද්ගලයා වයස අවුරුදු විසි දෙකක තරුණයෙක්. ''දාස්'' යන නමින් පෙනී සිට තිබෙනවා.

''ආවා'' කල්ලිය බිහි කළ පුද්ගලයා ස්විස්ටර්ලන්තයේ සිටින අතර 'දාස්'ගේ මාමා වන කෙනෙකු ද ස්විස්ටර්ලන්තයේ පදිංචිව සිටින බැවින් ඒ හරහා මෙම සම්බන්ධතාවය ගොඩනගාගෙන තිබෙනවා.

''අජන්තන්'' නම් වූ ඔහු මුලදී ''ආවා'' කල්ලිය නිර්මාණය කිරීමට මුදල් පවා ලබා දී තිබුණත් කල්ලිය විසින් අජන්තන්ට වංචාවක් සිදු කිරීම නිසා ඔහු එම කල්ලිය මෙහෙයවීමෙන් ඉවත් වී තිබෙනවා.

'දාස්' පොලිස් අත්අඩංගුවට පත්වන තුරුම සේවය කොට ඇත්තේ ''ආවා'' කල්ලියට බවයි හෙළිව ඇත්තේ.

මෙම 'දාස්' ගෙන් ලැබුණු  තොරතුරු ඔස්සේ යාපනයේ ක්‍රියාත්මක ''ආවා'' කල්ලිය පිළිබදව තවත් තොරතුරු රැසක් සොයා ගැනීමට හැකි වූ බව පොලීසිය සදහන් කළ බවයි අප වාර්තාකරු පෙන්වා දෙන්නේ.