Friday, May 3, 2024

General line - 0115112241

"ලාස්ට් මෑන් චාන්ස්" තරගාවලියේ ශ්‍රී ලංකා පිළ ලෝක කුසලානයට ළං වෙයි (PHOTOS)(VIDEO)

කසුන් කැළුම්




එංගලන්තයේ පැවැත්වෙන "ලාස්ට් මෑන් චාන්ස්" ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට අජන්ත මෙන්ඩිස් ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා කණ්ඩායම සමත් වුණා. 

ඒ මෙතෙක් සහභාගී වු තරග 3ම ජයගෙන B කාණ්ඩයෙන් පෙරමුණ ගනිමින්. සිංගප්පූරු කණ්ඩායම සමග ඊයේ පැවැති තරගයෙන් ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු 32කින් ජය ගැනීමට සමත්වුණා. 

තරගයේ පලමුවෙන් පන්දුවට පහරදුන් ශී‍්‍ර ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලූ 6ක් දැවි ලකුණු 162ක් රැස් කිරීමට සමත්වුණා. එම ඉලක්කය හඹාගිය සිංගප්පූරු කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලූ 8ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 130ක් පමණයි. 

"ලාස්ට් මෑන් චාන්ස්" ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය සඳහා රටවල් 12ක් එක්ව සිටිනවා. මෙම තරගාවලියේ විශේෂත්වය වන්නේ අවසන් පිතිකරුවාට වුවද තනිව පන්දුවට පහරදිමේ හැකියාව පැවතීමයි.