Friday, May 3, 2024

General line - 0115112241

රන්ජන්ට 'ආඥාව' කියවා බාර දෙයි

අධිකරණ වාර්තාකරු




නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ජනමාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශයකින් අධිකරණ පද්ධතියට හා නීතිඥයන්ට අපහාසයක් සිදු කර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කෙටුම්පත් කළ ආඥාව අද (08)  ශ්‍රේෂ්ඨාධිකරණයේදී ඔහුට කියවා භාර දුන්නා.

නීතිපතිවරයා විසින් කෙටුම්පත් කරන ලද චෝදනා හතරකින් යුත් ආඥාවට තමා නිවැරැදිකරු බව රන්ජන් රාමනායක මෙහිදී පවසා සිටියා. ඒ අනුව මෙම නඩුව සැප්තැම්බර් මස 05 වැනිදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

පසුගිය වසරේ අගොස්තු මස 21 වැනිදා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක ජනමාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශය තුළින් බැලූ බැල්මට අධිකරණයට අපහාසයක් වී ඇති බව නීතිපතිවරයා මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට  දැනුම් දුන්නා .

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ මෙම පෙත්සම් මාගල්කන්දේ සුදන්ත හිමි ඇතුළු පාර්ශ්වයන් දෙකක් විසින් ගොනු කර තිබුණා.