Friday, May 3, 2024

General line - 0115112241

මාධ්‍යට කෙරෙන තර්ජන ගැන කල් තැබීමේ විවාදයක් ඉල්ලයි

දිල්ශාන් තුෂාර




ජනමාධ්‍ය ආයතනවලට සහ මාධ්‍යවේදීන්ට සිදුවන තර්ජනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයක් ඉල්ලා සිටින බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී රංජිත් ද සොයිසා මේ බව සඳහන් කරනවා.

මේ අතර විපක්ෂ නායක ධුරය තමන් වෙත ලබාදීමට කථානායකවරයා තවදුරටත් ප‍්‍රමාද වන්නේ කිසියම් තැනැත්තෙකු හෝ කණ්ඩායමක් විසින් ඔහු බියගන්වා ඇති නිසාදැයි ඒකාබද්ධ විපක්ෂය සැක පළ කරනවා. පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මේ බව අනාවරණය කළා. 

පාර්ලිමේන්තවේ විපක්ෂය නියෝජනය කරන මන්ත‍්‍රීවරුන්ගෙන් 70 දෙනෙකු තමන් සමග සිටින බවයි ඒකාබද්ධ විපක්ෂය පෙන්වා දෙන්නේ. විපක්ෂ නායක ධුරය තමන් වෙත ලබාදිය යුතු බවට ඔවුන් තර්ක කරන්නේ ද ඒ අනුවයි.