Friday, May 3, 2024

General line - 0115112241

කරුණානිධි මිය ගිය පුවතින් මුලතිව් ජනතාව රතිඤ්ඤා පත්තු කළ හේතුව මෙන්න (PHOTOS)

දිනසේන රතුගමගේ / මාධව කුලසූරිය




තමිල්නාඩු හිටපු මහ ඇමති එම්. කරුණානිධි අභාවප‍්‍රාප්ත වූ පුවත සැලවීමෙන් පසු මුලතිව් ඇතුළු ප‍්‍රදේශ කිහිපයක රතිඤ්ඤා දැල්වුණු බව නෙත් නිවුස් වාර්තාකරුවන් පවසනවා.

යුද්ධයේ අවසන් සමයේ උතුරේ වැසියන් දුකට පත්ව සිටියදී කරුණානිධි ඔවුන්ට කිසිඳු සහයක් නොදැක්වූ බවයි මුලතිව් වැසියන්ගේ අදහස වන්නේ.

එල්. ටී. ටී. ඊ. නායක ප‍්‍රභාකරන්ගේ මව අසනීප වූ අවස්ථාවකදී තමිල්නාඩුවේ නේවාසිකව තබාගෙන ඇයට ප‍්‍රතිකාර කිරීම ද කරුණානිධි ප‍්‍රතික්ෂේප කළ බව මුලතිව් වැසියන් සිහිපත් කරනවා. මෙම කරුණු හේතුවෙන් කරුණානිධි අභාවප‍්‍රාප්ත වූ පුවත සැලවීමෙන් ඔවුන් ප‍්‍රීතියට පත්වූ බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් වැඩිදුරටත් පැවසුවේ.