Friday, May 3, 2024

General line - 0115112241

මාධ්‍යවේදීන් රැසකගේ දුරකතන ඇමතුම්වලට හොරෙන් සවන්දෙන ඒකකයක් පිහිටුවලා - ඇමතිවරයෙක්ගේ ඇමතුම්වලටත් සවන් දීලා

චම්ලි ඒකනායක




ආණ්ඩුව විසින් දුරකතන ඇමතුම්වලට හොරෙන් සවන්දීමේ උපකරණ ගෙන්වා මාධ්‍යවේදීන් ඇතුළු පිරිස්වල දුරකතන ඇමතුම්වලට හොරෙන් සවන්දෙන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා. අද උදෑසන පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා.

"දුරකතන ඇමතුම්වලට ආණ්ඩුව හොරෙන් සවන්දෙනවා. ජපානයෙන් නෙක් කියන සියුම් දියුණු තාක්ෂණික උපකරණ ගෙන්නල නුගේගොඩ නිවසක ස්ථාපිත කරලයි තියෙන්නේ. මේ එ්කකය බාරව ඉන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක්. ලංකාදීප කතෘ සිරි රණසිංහ, රිවිර සම කතෘ තිස්ස රවීන්ද්‍ර පෙරේරා, දිවයින, ලක්බිම මාධ්‍යවේදීන්ගේ දුරකතන ටැප් කරන්නයි කියල තියෙන්නේ. මේක ඒකාබද්ධ විපක්ෂයේ අපිට විතරක් බලපාන දෙයක් නෙවෙයි. හකීම් ඇමතිවරයාටත් මේ අවධානමට මුහුණ දෙන්න වෙලා තියෙනවා."

නෙත් ආයතනයේ ප්‍රවෘත්ති කලමණාකරුට ඇමතිවරයෙක් බලපෑම් කරන බවද මන්ත්‍රීවරයා මෙහිදී සිහිපත් කළා.