Friday, May 3, 2024

General line - 0115112241

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී 'SB' දුන් පොරොන්දුව 'ශාන් විජයලාල්' හෙළි කරයි

ලහිරු කපුගේ




ඊයේ (08) පැවති ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම පිළිබඳ හෝ ඊට සහභාගී වීම පිළිබඳ කිසිවක් ප‍්‍රකාශ කළ නොහැකි බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. බී. දිසානායක පවසනවා.

16 කණ්ඩායම නියෝජනය කරන ඔහුට අමතරව ඩිලාන් පෙරේරා, දයාසිරි ජයසේකර සහ තිලංග සුමතිපාල ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

ඊට සහභාගී වූ දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා සඳහන් කළේ මෙම රැස්වීම සඳහා සහභාගී වූ 16 දෙනාගේ කණ්ඩායමේ සාමාජිකයින් ඉතාම සාධනීය අදහස් පළ කළ බවයි. 16 දෙනාගේ කණ්ඩායමේ තවත් කිහිපදෙනෙකු ඉදිරි වකවාණුව තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බලමණ්ඩල පිහිටුවන බව එස්.බී දිසානායක මෙම රැස්වීමේදී ප්‍රකාශ කළ බවද පෙන්වා දුන්නා.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම ඊයේ (08) පැවැත්වුණේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන්.