Friday, May 3, 2024

General line - 0115112241

සපරාධි කරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත් කෙටුම්පත සම්මත වෙයි




සපරාධි කරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ (සංශෝධන) පනත් කෙටුම්පත තුන්වන වර කියවීම අද (09) පාර්ලිමේන්තුවේ දී  සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා.

පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 95 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 31 හිමි වුණා. මෙම පනත් කෙටුම්පත පිළිබඳ විවාදය පසුගිය 07වැනි දින පැවැත්වූ අතර එදින පනත් කෙටුම්පත සම්මත කිරීම සිදු නොවුණා.

ඒ අනුව කල්තබන ලද සම්මත කිරීම අද පාර්ලිමේන්තුවේ දී සිදු වුණා.