Friday, May 3, 2024

General line - 0115112241

අයදුම් නොකළ අයට රැකියා දෙන්න හදන ඇමති බිරියක් ගැන ආරංචියක්

ඉෂාර සුපෙම් මානගේ




බස්නාහිර පළාත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින පුරප්පාඩු කිහිපයක් සඳහා පළ කර තිබූ ගැසට් නිවේදනයට අයදුම් නොකළ පිරිසක් වෙත, බස්නාහිර පළාත් අධ්‍යාපන ඇමති රංජිත් සෝමවංශගේ බිරිඳ විසින් සම්මුක පරීක්ෂණ සිදු කරමින් බඳවා ගැනීමට සූදානමින් සිටින බවට තොරතුරු වාර්තා වෙනවා. බස්නාහිර පළාත් අධ්‍යාපන ක්ෂේත්‍රයේ පුරප්පාඩුව පවතින කම්කරු, මුරකරු සහ රසායනාගාර සහයක තනතුරු සඳහා සේවකයන්ට ඉල්ලුම් කිරීමට ගැසට් නිවේදනයක් මැයි මස 01 වැනිදා පළ කර තිබූ අතර එහි අවසාන දිනය මැයි මස 31 වැනිදා දක්වා තිබුණා.

කෙසේවෙතත් ඊට අයදුම් කළ පිරිස් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවීම සිදු නොකර බස්නාහිර පළාත් අධ්‍යාපන ඇමතිගේ බිරිඳගේ මැදිහත්වීමෙන් මෙම අකටයුතුකම් සිදුව ඇති බවයි බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ අභ්‍යන්තර තොරතුරු මගින් වාර්තා වුණේ. මේ සම්බන්ධයෙන් nethnews.lk බස්නාහිර පළාත් අධ්‍යාපන ඇමති රංජිත් සෝමවංශගෙන් විමසීමට කටයුතු කළත් ඔහුව සම්බන්ධ කර ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ.

පසුව බස්නාහිර පළාත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් එස්.ජී විජයබන්ධුගෙන් ද විමසා සිටියා. එහිදී ඔහු සඳහන් කළේ අදාළ චෝදනාව පිළිබඳව කිහිපදෙනෙකු තමන්ගෙන්ද විමසා සිටි බවයි. එහෙත් අයදුම් කළ පිරිසගේ සම්මුක පරීක්ෂන නියමිත පරිදි මේ දිනවල පැවැත්වෙන බවත් එවැනි කිසිඳු අකටයුත්තක් සිදුව නොමැති බවත් ඔහු සඳහන් කළා.