Friday, May 3, 2024

General line - 0115112241

දුම්රිය 10 ක් කෙසේ හෝ ධාවනය කරවීමේ උත්සාහයක්

ඩිල්ෂාන් මඩවල/ නිශාන් ද සිල්වා




දුම්රිය වැඩවැරුම හේතුවෙන් විදේශීය සංචාරකයන්ද පීඩාවට පත්ව සිටිනවා. සිය ගමනාන්ත කරා දුම්රියෙන් යාමේ අපේක්‍ෂාවෙන් දුම්රිය ස්ථාන වෙත පැමිණි විදේශීය සංචාරකයන් ප‍්‍රදේශ කිහිපයකදීම දැකගත හැකි වූ බවයි ක්‍ෂේත‍්‍ර චාරිකාවන්හි යෙදුනු නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ. දුම්රිය නොමැතිවීම නිසා ඊළගට කළයුතු දේ කුමක් දැයි ඔවුන්ට නිසි අවබෝධයක්ද නොතිබුණු බව නෙත් නිවුස් වාර්තාකරුවන් වැඩිදුරටත් පැවසුවා.

මේ අතර දුම්රිය වැඩවැරුම හේතුවෙන් අද පස්වරුවේ කාර්යාලීය දුම්රිය ධාවනයද වෙනදා මෙන් සිදු නොවනු ඇති බවයි නෙත් නිවුස් කළ සොයාබැලීමේදී පෙනී ගියේ. කෙසේවෙතත් දුම්රිය 10 ක් පමණ කෙසේ හෝ ධාවනය කරවීමට උත්සාහ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවා. රියදුරු පරීක්‍ෂකවරුන් ලවා එම දුම්රිය ධාවනය කරවීමට සැලසුම් කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ. 

මගීන්ට සිදුවන පීඩා අවම කිරීම සදහා අතිරේක බස් සේවාද කි‍්‍රයාත්මක කර තිබෙනවා.