Sunday, May 19, 2024

General line - 0115112241

වැලිකඩ කාන්තා රැඳවියන් 5 දෙනෙක් තවමත් වහලය උඩ - නොසන්සුන්තාවයෙන් සිව් දෙනෙකු බන්ධනාගාර රෝහලේ (VIDEO)

නිශාන් ද සිල්වා/ දිල්ශාන් තුෂාර





වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැගී කාන්තා රැඳවියන් 05 දෙනෙකු තවදුරටත් විරෝධතාවයේ යෙදී සිටිනවා. මෙලෙස වහලය මත නැගී විරෝධතාවයේ නිරත වන්නේ මත් කුඩු චෝදනා සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින පිරිසක්.

ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන්නේ තමන්ට එරෙහි නඩු කටයුතු කඩිනම් කරන ලෙස සහ බන්ධනාගාරය තුළ පවතින පහසුකම් වැඩි කරන ලෙස ඉල්ලමින්.

......................................................................................................................................................................

බන්ධනාගාරය තුළ කුමන පාර්ශව විරෝධතා දැක්වුවද තමන් නීතිය අනුව කටයුතු කරන බව අමාත්‍ය තලතා අතුකෝරාළ පවසනවා. වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 15 දෙනෙකු මේ වනවිට එහි වහලය මත නැඟී විරෝධතාවක නිරත වීම පිළිබඳ අදහස් පළ කරමින් අමාත්‍යවරිය මේ බව කියා සිටියා.

මේ අතර විරෝධතාවයේ නිරත කාන්තා රැඳවියන්ට සහය පළ කරමින් වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට අද (13) පස්වරුවේ විරෝධතාවක්ද පැවැත්වුණා. එය සංවිධාන කර තිබුණේ, සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව විසින්. 

මෙම විරෝධතාවට එක්වූ, මීට පෙර බන්ධනාගාර ගතව සිටි කාන්තාවක් මෙලෙස අදහස් පළ කළා.

එම කාන්තාව සදහන් කර සිටියේ තමන් මිට වසර එකහාමාරකට පෙර බන්ධනාගාරගතව සිටි බවයි. අපිට කරන්න පුළුවන් හැමදේම කළා හිරගෙදර ඇතුලෙදි. අපිට කෑම දුන්නේ හරිම අපිරිසිදු විදිහට. පෝලිම් බත් කන්න කිව්වා. නමුත් ඒවා කන්න බැහැ අපිරිසිදුයි. නිදා ගන්න දුන්නේ බිම, ඒකත් හැමෝම එකට. වැසිකිලි වලට පවා යන්න අමාරුයි. ඒවා පිරිලා තියෙන්නේ. අසරණ මනුස්සයා තියෙන මනුස්සයා කියලා වෙනසක් නැහැ, හැමෝම ඒක ඇතුලේ අසරණ කළා. අවුරුදු 2-3  කට්ටිය ඉන්නවා ඇප දෙන්නේ නැතුව. නමුත් මිනීමැරුම්, කුඩු චෝදනා තියෙන අයට ඇප හම්බ වෙනවා.

විරෝධතාවට එක්වූ තවත් කාන්තාවන් කිහිපදෙනෙකුද මෙලෙස අදහස් පළ කළා.

මෙලෙස වහලය මත නැගී විරෝධතාවයේ නිරත වන්නේ මත් කුඩු චෝදනා සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින පිරිසක්. 

මෙහිදි විරෝධතාවයේ නිරත කාන්තා රැඳවියන් සහ බන්ධනාගාර නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක්ද ඇතිවු බවයි වාර්තා වන්නේ. විරෝධතාවට එක්වූ කාන්තා රැඳවියක සහ තවත් ඊට විරුද්ධ කාන්තාවක් අතර ගැටුමක්ද හට ගෙව තිබෙනවා. මෙම ගැටුමෙන් තුවාල ලැබූ කාන්තා රැඳවියන් සිව් දෙනෙකු බන්ධනාගාර රෝහල වෙත ඇතුලත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

ඔවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වන්නේ තමන්ට එරෙහි නඩු කටයුතු කඩිනම් කරන ලෙස සහ බන්ධනාගාරය තුළ පවතින පහසුකම් වැඩි කරන ලෙස ඉල්ලමින්. 

 


(දර්ශන අනුග්‍රහය: අනංමනං වෙබ් අඩවිය)