Tuesday, May 7, 2024

General line - 0115112241

"මීළඟට කළ යුත්තේ කුමක්දැයි සාකච්ඡා කරනවා"

ලහිරු කපුගේ




පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධූරය ලබා ගැනීම වෙනුවෙන් මීළඟට කුමක් කරන්නේදැයි ඒකාබද්ධ විපක්ෂය අද (14) සාකච්ඡා කිරීමට නියමිතයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්ව පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක් ලෙස කටයුතු කිරීමට ඉදිරිපත්ව ඇති යෝජනාව පිළිබඳවද එහිදී සලකා බැලෙනු ඇති.

අද පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමට සහභාගී වන්නේදැයි 16යේ කණ්ඩායමෙන්ද නෙත් නිවුස් විමසීමක් කළා. ඊට පිළිතුරු දුන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ඩබ්ලිව්. ඩී. ජේ. සෙනෙවිරත්න සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂයේ සාකච්ඡා සිය පාර්ශ්වයට දන්වන බවත් නමුත් තවමත් මෙම සාකච්ඡාව දන්වා නොමැති අතර එසේ දැනුම් දෙනු ඇති බවට විශ්වාස කරන බවයි.

මාධ්‍යවේදීන් කළ විමසීමකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ පාර්ලිමේන්තුවේ විපක්ෂනායක ධූරය ලබා ගැනීම සඳහා මීළඟට කළ යුත්තේ කුමක්දැයි සාකච්ඡා කර තීරණය කරන බවයි.