Thursday, May 9, 2024

General line - 0115112241

ජල කප්පාදුවක්




කැලණිය, පෑලියගොඩ ඇතුළු ප‍්‍රදේශ කිහිපයකට ලබන 17 වන සිකුරාදා පැය 18ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පසනවා. ඒ අනුව 17 වනදා පෙරවරු 09 සිට 18 වනදා අලූයම 03 දක්වා ජල සැපයුම අත්හිටුවීමට නියමිතයි.

 පෑලියගොඩ හා වත්තල - මාබෝල නගර සභා බල ප‍්‍රදේශයවලට සහ කැලණිය, වත්තල හා බියගම යන ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශවලට මෙම ජල කප්පාදුව බලපැවැත්වෙනවා. ප‍්‍රධාන සම්පේ‍්‍රෂණ මාර්ගයේ අලූත් වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදු කෙරෙන බවයි ජාතික ජල සම්පාදන මණ්ඩලය ප‍්‍රකාශ කළේ.