Saturday, May 11, 2024

General line - 0115112241

මියගිය පැටවා අතනොහැර සැතපුම් 1000ක් පිහිනා ගිය තල්මසා (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




සිය අලුත උපන් පැටවා මෙලොවට බිහිවී මිනිත්තු කිහිපයකින් මිය යාමත් සමග ඔහුගේ සිරුර අත්නොහැර ගෙන සැතපුම් 1000 කට අධික දුරක් පිහිනා ගිය Orca වර්ගයේ තල්මස් මවක් පිළිබද පුවතක් පැසිෆික් මුහුදු කලාපයෙන් වාර්තා වනවා.

මෙම Orca තල්මසා විද්‍යාඥයින් විසින් Tahlequah ලෙස නම් තබා ඇති අතර ඇය මිට දින 20 කට ඉහතදී පැටවෙකු බිහිකර තිබෙනවා. පැටවා බිහිකර මිනිත්තු කිහිපයක් ගතවීමට පෙර එම සත්වයා මිය ගොස් ඇති අතර ඉන් පසු තල්මස් මව මියගිය සිය පැටවාගේ සිරුර මුහුදේ ගිලෙන්න ඉඩ නොදෙමින් දින 17 ක් පුරා මුහුදේ ඔබ මොබ පිහිනමින් සිටි බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ.

මෙම තල්මසා පිළිබඳව අධ්‍යනයේ යෙදුනු විද්‍යාඥයින් සදහන් කරන්නේ මෙම තල්මස් මව සැතපුම් 1000 කට අධික දුරක් සිය මියගිය පැටවා සමග පිහිනමින් සිටි බවයි. 

" ඇය තමාගේ පැටවා මියගිය දුක තුනී කරගන්න උත්සහ කරා වෙන්න පුළුවන්. ඒ උනත් මේ වන විට ඇය ඉතා වෙහෙසකර දින 17 ක ගමනට නිමාව තබමින් සිය මියගිය පැටවාට සමුදුන්නා. ඇය දැන් ක්‍රමක් ක්‍රමයෙන් සිය සුපුරුදු ජිවන රටාවට හුරුවෙමින් සිටිනවා" යැයි වොෂින්ටන් සරසවියේ Orca තල්මසුන් පිලිබඳ ජීව විද්‍යාඥවරියක් වන ඩෙබොරා ගිලිස් සදහන් කර සිටියේ.

පැසිෆික් මුහුදු කළාපය ආශ්‍රිතව ජිවත් වන Orca තල්මසුන් වඳවී යාමේ තර්ජනයට මුහුණ පා සිටින සත්ව කොට්ඨාශයක් ලෙස සැලකෙනවා.