Saturday, May 11, 2024

General line - 0115112241

අමෙරිකාව යළි අනතුරු අඟවයි

පවිත්‍රා මධුහර්ශනී - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




යළිත් ආර්ථික සම්බාධක පනවන බවට අමෙරිකාව තුර්කියට අනතුරු ඇඟවීමක් නිකුත් කළා. අමෙරිකාව පවසන්නේ දේශපාලන අතපෙවීම් හා ත‍්‍රස්ත චෝදනා මත රඳවා ගෙන සිටින සිය කි‍්‍රස්තියානි පූජකවරයා මුදා හැරීමට කටයුතු නොකරන්නේ නම් තුර්කියට මෙලෙස සම්බාධක පනවන බවයි.

අමෙරිකාවේ දැඩි විරෝධය මධ්‍යයේ වසර දෙකක කාලයක් පුරා තුර්කිය මෙම පූජකවරයා රඳවා ගෙන සිටිනවා. ඉන් කෝපයට පත් අමෙරිකාව මේ වනවිට සිටින්නේ තුර්කියට එරෙහිව වෙළඳ යුද්ධයකට අවතීර්ණවයි.