Saturday, May 11, 2024

General line - 0115112241

ඉන්දියාවේ කොචින් ගුවන් තොටුපොල වසා දමන කාලය දීර්ඝ කෙරේ - ශී‍්‍ර ලන්කන් වෙතින් මගීන්ට සහනයක්




ඉන්දියාවේ කොචින් ජාත්‍යන්තර ගුවන් තොටුපොල වසා දැමීමේ කාලය අගෝස්තු මස 26 වනදා දක්වා දීර්ඝ කර ඇතැයි ශී‍්‍ර ලන්කන් ගුවන් සමාගම පවසනවා. ඒ අනුව මගීන්ට සිදුවන අපහසුතා අවම කිරීම සදහා කඩිනම් පියවර ගෙන ඇති බවයි එම සමාගම පැවසුවේ. 

කොචින් සිට කොළඹට පැමිණීමට ප‍්‍රවේශපත‍්‍ර වෙන්කරවා ගත් ගුවන් මගීන්ට ශී‍්‍ර ලන්කන් මෙහෙයුම් සිදුකරන ඉන්දියාවේ ටි‍්‍රවෙන්ඩ‍්‍රම් හරහා හෝ දකුණු ඉන්දියාවේ වෙනත්  ඕනෑම ගමනාන්තයක් හරහා තම ගුවන් සංචාර සිදුකිරීමට අවස්ථාව උදාකර දී තිබෙනවා. ඒ සදහා කිසිදු අමතර අය කිරීමක් නොමැති බවයි ප‍්‍රකාශ කෙරුණේ.