Monday, May 13, 2024

General line - 0115112241

මහින්දගෙන් ප‍්‍රශ්න කළා සේ බැදුම්කර හොරුන්ගෙනුත් ප‍්‍රශ්න කරන්නැයි ආණ්ඩුවට අභියෝගයක්

පසන් වික්‍රමතිලක / මහේෂ් චතුරංග




හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ප‍්‍රශ්න කිරීම සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වනවා. මෙය දේශපාලන දඩයමක් බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන පවසන්නේ. ඒ, කොළඹ, විජේරාමේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිවසේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ජනාධිපතිවරයට පෙර මේ වන විට දේශපාලන දඩයම ආරම්භ කරලා තියෙන්නේ. ලංකාවේ පලවෙනි වතාවටයි මාධ්‍යවේදියෙක් නිදහස් කළා කියලා රටේ නායකයෙක් ගෙන් ප්‍රශ්න කරන්නේ යැයි මෙහිදී මන්ත්‍රිවරයා වැඩි දුරටත් සිය අදහස් පළකර සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රි ශෙහාන් සේමසිංහ පලකරමින් කියා සිටියේ මහ බැංකු වංචාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණයට දැන් කුමක්ද වෙලා තියෙන්නේ ? ඇයි ඔවුන්ට බැරි මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කළා වගේ අගමැතිවරයා ඇතුළු මහ බැංකු වංචාවට සම්බන්ධ අයගෙන් ප්‍රශ්න කරන්න. රටේ ජනතාව මහින්ද රාජපක්ෂ මහතාට ආදරය දක්වන එක මෙවැනි දේවල් වලින් වලක්වන්න ලැබෙන්නේ නැහැ යනුවෙන්.

කෙසේවෙතත් අමාත්‍ය සරත් අමුණුගම පැවසුවේ මෙවන් අදහසක්.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද (17) පැය තුනකට අධික කාලයක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශයක් සටහන් කර ගත්තා. ඒ, හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ, විජේරාම මාවතේ පිහිටි නිල නිවසේදීයි. ඊට හේතුවී තිබුණේ මාධ්‍යවේදී කීත් නොයාර් පැහැරගෙන ගොස් පහරදුන් බව කියන සිද්ධියයි.