Friday, May 10, 2024

General line - 0115112241

කොළඹ නගරයේ හොරෙන් විදුලිය ගත්ත 110ක් වැටලීමකදී කොටුවෙයි

චම්ලි ඒකනායක/ දිනුක් හේවාවිතාරණ




විදුලි බල මණ්ඩලයේ විශේෂ විමර්ෂණ ඒකකය හා පොලිසිය එක්ව අද (18) උදෑසන කරන ලද වැටලීමකින් තොටළඟ කජීමා වත්තහි අනවසරයෙන් විදුලිය ලබාගත් නිවාස 110ක පමණ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන තිබෙනව බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ අධ්‍යක්‍ෂ සුලක්ෂණ ජයවර්ධන nethnews.lk වෙත පැවසුවා. 

ග්‍රෑන්ඩ්පාස් පොලිසිය ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඔවුන් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.