Wednesday, May 15, 2024

General line - 0115112241

දුම්රිය ගාස්තු 15% කින් ඉහළට

නිශාන් ද සිල්වා




ඔක්තෝම්බර් මස 01 වනදා සිට දුම්රිය ගාස්තු15% කින් ඉහළ දමන බව ප‍්‍රවාහන අමාත්‍යාංශය පවසනවා. එහි ලේකම් ජී එස් විතානගේ නෙත් නිවුස් වෙත කියා සිටියේ ඊට අදාළ ඉල්ලීම දුම්රිය දෙපාර්තමේන්තුවෙන් ප‍්‍රවාහන අමාත්‍යාංශය වෙත ඉදරිපත් කර ඇති බවයි. ඒ අනුව එම ඉල්ලීම ප‍්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා වෙත ඉදිරිපත් කර අනුමැතිය ලබා ගැනීමට නියමිත බවයි ප‍්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම්වරයා කියා සිටියේ. 

දුම්රිය ගාස්තු 15% කින් වැඩි කිරීමට සමගාමීව දුම්රිය වාර ප‍්‍රවේශපත‍්‍ර ගාස්තුද 15% කින් ඉහළ යනු ඇති. දුම්රිය ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් සොයා බැලීමට දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා විසින් පසුගියදා පංච පුද්ගල කමිටුවක් පත් කළා. එම කමිටුවේ නිර්දේශ මතයි දුම්රිය ගාස්තු සංශෝධනය කිරීමට තීරණය වී ඇත්තේ.

ඒ අනුව රුපියල් 10ක් වන අවම දුම්රිය ප‍්‍රවේශපත‍්‍ර ගාස්තුව වැඩි නොකෙරෙන අතර එම මුදලට යා හැකි දුර ප‍්‍රමාණය කිලෝ මීටර් 07ක් දක්වා අඩු කර තිබෙනවා. මීට පෙර රුපියල් දහයේ ටිකට් පතකින් දුම්රියෙන් යා හැකිව තිබූ දුර ප‍්‍රමාණය කිලෝ මීටර් 10ක්. දුම්රිය පාර්සල් ගාස්තුද සංශෝධනය නොකෙරෙන බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. දුම්රිය ප‍්‍රවේශ පත‍්‍ර ගාස්තු අවසන් වරට වැඩි කෙරුණේ 2008 වසරේදීයි.