Wednesday, May 15, 2024

General line - 0115112241

හිටපු ජනපතිට යලි ජනපතිධුරයට තරග කල හැකිද ? පොදුජන පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසන්න සුදානම්

සමන්ත කුමාර/ දිල්ශාන් තුෂාර




හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සඳහා හැකියාවක් ඇති බවට ඉදිරිපත්ව ඇති නීති විශාරදයන්ගේ මත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ශී‍්‍ර ලංකා පොදු ජන පෙරමුණ සූදානම් වනවා. එහි සභාපති මහාචාර්ය ජී එල් පීරිස් නෙත් නිවුස් වෙත කියා සිටියේ. 19වන ව්‍යවස්ථා සංශෝධනය අතීතයට බලනොපාන බව සිය පක්ෂයේද මතය වන බවයි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ජී එල් පීරිස්ස් කියා සිටියේ ස්වාධින නිතිවිශාරදයන් කිහිප දෙනෙක් ගැඹුරින් හිතලා බලලා නිගමනයකට එළඹිලා තියෙනවා මහින්ද රාජපක්ෂ මහතාට යලිත් වරක් ජනාධිපතිවරණයට තරග කිරීමට හැකි බව. එතුමන්ලා ඒ මතයට සාධාරණ හේතුත් ඉදිරිපත් කර තිබෙනවා. අපිත් ඒ ගැන කල්පනා කරලා තියෙනවා. බැලු බැල්මට පේනවා ඒ නීති විශාරදයින් ඉදිරිපත් කරලා තියෙන තර්ක වලට පදනමක් තියෙනවා කියලා. මේ පිලිබදව නියම තත්ත්වය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පහදා ගැනීමට නිතිය යටතේ යම් යම් ක්‍රමවේදත් තිබෙනවා. 

ඒ සම්බන්ධයෙන් සුදුසු වැඩපිළිවලක් අපි යොදා ගෙන යනවා. අපත් සමග වැඩ කරන ජනාධිපති නීතිඥයින් කිහිපදෙනෙක්ම මේ වන විට විදෙස් ගතව සිටිනවා. ඔවුන් මේ මස අවසානයට ලංකාවට යලි පැමිණි පසු ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදුකරනවා. බැලු බැල්මට පේනවා 19 වන ව්‍යවස්ථා සංශෝධනය බලපවත්වන්නේ අනාගතයට මිසක් අතීතයට නෙමෙයි. අපි විශ්වාස කරනවා මහින්ද රාජපක්ෂ මහතාට ඉදිරියේදී මැතිවරණයට තරග කිරීමට හැකියි කියලා.

19වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ වචනවල කිසියම් හිඩසක් ඇතැයි පෙනී යන බවද මහාචාර්ය ජී එල් පීරිස් වැඩිදුරටත් පෙන්වා දුන්නා.