Wednesday, May 15, 2024

General line - 0115112241

පරණ ආණ්ඩුවේ පවු ගෙවලා අපි පිං රැස්කළා - අගමැති කියයි




ගෙවුනු වසර 03 තුළ පසුගිය ආණ්ඩුවේ පවු ගෙවා දමා රටේ සංවර්ධනය ඉදිරියට ගෙන යමින් ජනතාව වෙනුවෙන් පිං කිරීමට ආණ්ඩුවට හැකිවූ බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. වත්මන් ආණ්ඩුව නිහඬ සංවර්ධනයක් රට තුළ දියත් කළද ඒවා ජනමාධ්‍ය ඔස්සේ ප‍්‍රචාරය කිරීමට නොගිය බවද අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා. 

එමෙන්ම පසුගිය ආණ්ඩුවේ පවු ගෙවීමට සිදුනොවූයේ නම් මීටත් වඩා සංවර්ධනය වේගවත් කිරීමට හැකියාව තිබූ බවයි දෙණියාය පස්ගොඩ ප‍්‍රදේශයේ අද (18) පැවැති උත්සවයකට එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා කියා සිටියේ. 

ආණ්ඩුවට වසර 03ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ඉඩම් හිමිකම් නොමැති ජනතාවට ඔප්පු ලබා දීම සඳහා මෙම උත්සවය පැවැත්වුණා. මහින්ද රාජපක්ෂ පාලන සමයේ මාර්ග ඉදිකිරීම සඳහා අත්පත් කර ගත් ඉඩම් වෙනුවෙන් වත්මන් රජය මේවනවිට රුපියල් මිලියන 40,000ක වන්දි මුදලක් ගෙවා ඇති බවද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.