Thursday, May 16, 2024

General line - 0115112241

දුම්රිය හරස් මාර්ග හරහා අපරික්ෂාකාරීව රිය ධාවනය කරන්නන්ට 25000 ක දඩයක්




දුම්රිය හරස් මාර්ග හරහා අනාරක්ෂිත ලෙස රිය ධාවනය කරන රියදුරන්ට එරෙහිවද ඉදිරියේදී රුපියල් 25,000ක දඩයක් පැනවීවට කටයුතු කරන බව ප‍්‍රවාහන හා සිිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා. 

දුම්රිය හරස් මාර්ග ආරක්ෂණ විදුලි සීනු පද්ධති, දුම්රිය සේවාව සඳහා විවෘත කිරීම වෙනුවෙන් හික්කඩුව ප‍්‍රදේශයේ අද පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේබව කියා සිටියා. 

හික්කඩුව සිට දොඩන්දුව අතර දුම්රිය හරස් මාර්ගවල ඉදිකෙරුණු ආරක්ෂිත විදුලි සීනු පද්ධති 10ක් අමාත්‍යවරයා අතින් අද (18) විවෘත කෙරුණා. එම උත්සවයේදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා.