Thursday, January 16, 2025

General line - 0115112241

නිකිණි පුන් පෝදා ශ්වේත පූජා වැඩසටහන මාළිගාවිල රාජ මහා විහාරස්ථානයේදී (UPDATE)




නිකිණි පුර පසළොස්වක පොහොය වෙනුවෙන් නෙත් එෆ් එම් රේඩියෝවේ ශ්වේත පූජා වැඩසටහන මොණරාගල, ඔක්කම්පිටිය ඓතිහාසික මාලිගාවිල රාජමහා විහාරස්ථානයේදී මේවනවිටත් පැවැත්වෙනවා. අලූයම අෂ්ඨාංග ශීල සමාදානයෙන් ආරම්භ වූ ශ්වේත පූජා වැඩසටහනට ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා සහ සම්බුද්ධ පූජා වැනි පිංකම් රැසක් ඇතුළත්.

නෙත් එෆ් එම් රේඩියෝවේ පහන් කන්ද ආශිර්වාද බෝධි පූජාව අද (25) පැවැත්වුණේද ඓතිහාසික මාලිගාවිල රාජමහා විහාරස්ථානයේදීයි. 

මේ, එම විහාරස්ථ බිනර මහා පෙරහැරේ බස්නායක නිලමේ උපාලි වික‍්‍රමාරච්චි.

ආශිර්වාද ගිතෙල් පහන් පූජාව මෙහෙයවනු ලබන්නේ පූජ්‍ය ගණේකන්දේ චන්දරතන හිමියන් විසින්. එම පූජාව නෙත් එෆ් එම් රේඩියෝව ඔස්සේ සජීවි ලෙස ශ‍්‍රවණය කිරීමටද හැකියි.

 

..........................................................................................

නිකිණි පුර පසලොස්වක පොහොය දිනය අද (25) ට යෙදී තිබෙනවා. සම්බුද්ධ ශාසනයේ වැදගත් සිදුවීම් කිහිපයක් අදවන් නිකිණි පුර පසලොස්වක පොහෝ දිනයේ සිදුව ඇති බවයි ශාසන ඉතිහාසයේ සඳහන් වන්නේ. ඒ පිළිබඳ කරුණු දැක්වූ උඩුබද්දාව, තල්ගහපොත්ත ශී‍්‍ර පවරගිරි විහාරාධිකාරී ශී‍්‍ර ලංකා භික්ෂු විශ්ව විද්‍යාලයේ සමාජයීය විද්‍යා හා තුලනාත්මක අධ්‍යයන අංශයේ කථිකාචාර්ය දර්ශනපති පූජ්‍ය වවුනියාවේ පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේ පෙන්වා දෙන්නේ, ආනන්ද හිමියන් රහත්බව ලැබීම, ප්‍රථම ධර්ම සංඝායනාව, අරියවංශ දේශනාව ප්‍රථමවරට පැවැත්වීම  වැනි වැදගත් ශාසනික කටයුතු රැසක් නිකිණි පුන් පොහෝදා සිදුව ඇති බවයි. වස් සමාදන් වීමට නොහැකිවූ භික්ෂූන්වහන්සෙලාට පසුවස් සමාදම් වීමේ අවස්ථාව හිමි වන්නේද නිකිණි පුන් පොහෝදාය.

මේ අතර නෙත් එෆ් එම් රේඩියෝවේ නිකිණිපුර පසලොස්වක පෝදා ශ්වේත පූජා වැඩසටහන මොණරාගල ඔක්කම්පිටිය ඓතිහාසික මාලිගාවිල රාජමහා විහාරස්ථානයේදී අද දවස පුරා පැවැත්වෙනවා.

ඒ පිළිබඳ අදහස් දැක්වූ මාලිගාවිල රාජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය උණපාන චන්ද්‍රජෝති ස්වාමීන් වහන්සේ, පවසන්නේ අද උදෑසන සිට රාත්‍රී 9.00 දක්වා පින්කම් රැසක් විහාරස්ථානයේදී සිදු කෙරෙන බවයි. රාත්‍රී 8.00 ගිතෙල් පහන් පූජාවට පීරිසියක් සහ ගිතෙල් පහනක් රැගෙන පැමිණෙන ලෙස උන් වහන්සේ ඉල්ලා සිටිනවා.