රටපුරා සියලූ පොලිස් ස්ථාන ආවරණය වන පරිදි සිදු කෙරුණු විශේෂ පොලිස් මෙහෙයුමකදී පුද්ගලයින් 3099 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ (24) රාති‍්‍රයේ 09 සිට අද (25) උදෑසන 08 දක්වා මෙම මෙහෙයුම සිදු කෙරුණු බවයි පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවසුවේ. මෙහෙයුමේ අපේක්ෂාවන් පිළිබඳවද ඔහු කරුණු දැක්වුවා.
රථ වාහන වැරදි සම්බන්ධයෙන් නඩු ලබා ගැනීමද මෙම මෙහෙයුමේදී සිදු කෙරුණා. ඊයේ රාති‍්‍ර 09 සිට අද උදෑසන 08 දක්වා එලෙස ලබා ගෙන ඇති නඩු ප්‍රමාණය 4967ක්. පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ මෙම මෙහෙයුම සිදු කෙරුණු බවද පොලිස් ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පැවසුවා.