රටපුර බොහෝ ප්‍රදේශවල එළවලූ තොග මිල අඩුවී තිබෙනවා. එහෙත්, සිල්ලර මිලෙහි තවමත් කැපී පෙනෙන අඩුවීමක් නොමැති බවයි නෙත් නිවුස් කළ වෙළඳපොළ චාරිකාවකදී නිරික්ෂණය වුණේ. තොග මිල කිලෝ ග්‍රෑම් 01ක් රුපියල් 40ක් පමණ වන ඇතැම් එළවළු සිල්ලරට අලෙවි වන්නේ රුපියල් 120කට පමණයි. මේ පිිළිබඳ වැඩිදුරටත් සොයා බැලූවා නෙත් නිවුස් දඹුල්ල වාර්තාකරු කාංචන කුමාර ආරියදාස.
කැරට් ඇතුලූ ඇතැම් උඩරට එළවළු වල තොග මිලද තවමත් අඩුවී නැහැ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේදී කැරට් කිලෝ ග්‍රෑම් 01ක තොග මිල අද (25) සටහන් වූයේ රුපියල් 300ක් ලෙසයි.