Thursday, January 16, 2025

General line - 0115112241

ශ්‍රී දළදා මාලිගාවේ ඇසල මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැරට සියල්ල සුදානම්

කමල් සුරවීර - මහනුවර




මහනුවර ශී‍්‍ර දළදා මාලිගාවේ 2018 ඇසළ මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර අද (25) රාතී‍්‍ර 07:58ට යෙදෙන සුභ මොහොතින් වීථි සංචාරය කෙරෙනවා. 

පෙරහැර නැරඹීම සඳහා මේවනවිටත් බොහෝ පිරිස් මහනුවරට පැමිණ සිිටින බවයි එහි සිටින නෙත් නිවුස් වාර්තාකරුවන් පවසන්නේ. පෙරහැර නැරඹීමට පැමිණ සිටින මෙම පිරිස්වලින් මහනුවර ශී‍්‍ර දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප‍්‍රදීප් නිලංග දෑල විශේෂ ඉල්ලීමක්ද කළා. 

ඒ, ශී‍්‍ර දන්ත ධාතූන් වහන්සේට ගෞරවයක් වන පරිදි පෙරහැර නරඹන ලෙසයි.

අද රාති‍්‍රයේ පැවැත්වෙන මෙම අවසන් රන්දෝළි පෙරහැරෙන් පසු දියකැපීමේ චාරිත‍්‍රය හෙට (26) සිදු කෙරෙනවා. මහනුවර ශී‍්‍ර දළදා මාලිගාවේ 2018 ඇසළ මංගල්‍යය නිමා වන්නේ ඉන් අනතුරුව පැවැත්වෙන දහවල් පෙරහැරින්.

මේ අතර පෙරහැර නැරඹීම සඳහා මහනුවරට පැමිණ සිටින පිරිස් වෙනුවෙන් නෙත් එෆ් එම් රේඩියෝව තේ පැන් දන්සැලක් පවත්වනවා. ඒ මහනුවර වැව රවුම ආශි‍්‍රතවයි. මධ්‍යම පලාත් ආණ්ඩුකාර කාර්යාලයේද සහයෝගයෙන් මෙම දන්සැල සංවිධාන කෙරෙනවා. ‘‘තේජමාන තේ’’ ඒ සඳහා අනුග‍්‍රහය ලබා දෙනවා. 

මහනුවර ශී‍්‍ර දළදා මාලිගාවේ ඇසළ මංගල්‍යය සඳහා බැතිබර රේඩියෝ අනුග‍්‍රහය නෙත් එෆ් එම් රේඩියෝවෙන්.