Sunday, May 5, 2024

General line - 0115112241

රටවල් දෙකක හොද හිත වර්ධනයවූ අගමැති මාරුව

පවිත්‍රා මදුහර්ෂනි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ඔස්ටේ‍්‍රලියාවට නව අග‍්‍රාමාත්‍යවරයෙකු තේරී පත්වීමත් සමගම අමෙරිකාව සහ ඔස්ටේ‍්‍රලියාව අතර පළුඳු වී තිබූ සබඳතා යළි අලූත් වී තිබෙනවා. 

ඔස්ටේ‍්‍රලියාවට පත්වූ නව අග‍්‍රාමාත්‍යවරයා වන්නේ ස්කොට් මොරිසන්. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් දුරකථනය ඔස්සේ ඔහු අමතා සුභ පැතුම් එක් කර ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. 

ඔස්ටේ‍්‍රලියාවේ හිටපු අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල්ගේ ධූර කාලයේදී ඔස්ටේ‍්‍රලියාව සහ අමෙරිකාව අතර යම් මතභේදකාරී තත්ත්වයක් හට ගෙන තිබුණා. ඒ, සංක‍්‍රමණික අර්බුධය සම්බන්ධයෙන් ගෙන ආ ගිිවිසුමක් හේතුවෙන්. මෙම ගිවිසුම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සහ ඔස්ටේ‍්‍රලියාවේ හිටපු අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් පරස්පර විරෝධී මත දැරූ අතර ඩොනල්ඞ් ට‍්‍රම්ප් අදාළ ගිවිසුම හැඳින්වූයේ බිහිරි ප‍්‍රකාශයක් ලෙසයි. 
කෙසේවෙතත් නව අග‍්‍රාමාත්‍ය ස්කොට් මොරිසන්, හිටපු අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල්ට වඩා අමෙරිකානු ජනාධිපතිවරයා සමග සමීප සබඳතා පවත්වන බවයි විදෙස් වාර්තා පැවසුවේ.