දෙවිනුවර ශ්‍රි උපුල්වන් දේවාල භුමියේ සතිගාණක් පුරා දම්වැලට කැපි වේදනාවෙන් සිටි දෙවිනුවර දේවාලයේ කළණ අලියාට අද (25) දිනයේ දී පින්නවල අලි අනාථාගාරයේ පශු වෛද්‍යවරුන් පිරිසක් පැමිණි ප්‍රතිකාර කිරීම සිදු කර තිබෙන බව අප නෙත් නිවුස් වාර්තාකරු සදහන් කරනවා.
මේවන විට එම සත්වයාගේ ඉදිරි පස දකුණු පාදය අසල දරුණු තුවාලයක් ඇති අතර මේ සත්වයාට පහසුකම් ලෙස කිසිදු දෙයක් ලබාදී නොතිබූ බවයි අප වාර්තාකරු සදහන් කර සිටියේ
විශේෂයෙන් අලියාට සෙවනක් සහිත ආරක්ෂිත ස්ථානයක් හෝ නොමැති අතර වැස්සට අවුවට තෙමෙමින් ඉතා දුෂ්කර ජිවිතයක් ගත කරමින් සිට ඇති බව අනාවරණය වී තිබෙනවා.
මේ හස්තියා ලංකාවේ කරඬුව ගෙන යන සද්දන්තයෙන් හරත දෙනා අතුරින් එක් සත්වයෙක්ද වනවා.