Thursday, January 16, 2025

General line - 0115112241

ආනයනික කිරි ගවයින් නිසා කිරි ගොවින් අමාරුවේ

කාංචන කුමාර ආරියදාස - දඹුල්ල




රජයේ සහන ණය යටතේ ආනයනික කිරිගවයින් මිලදී ගත් ගොවීන් එම කිරිගවයින්ගෙන් ප‍්‍රමාණවත් ආදායමක් නොමැතිවීම නිසා පීඩාවට පත්ව සිටිනවා. මෙම කිරිගවයින් ආනයනය කර ඇත්තේ ඔස්ටේ‍්‍රලියාවෙන්. කෙසේවෙතත්, අපේ්ක්ෂිත කිරි ප‍්‍රමාණය ඔවුන්ගෙන් නොලැබෙන බව කිරි ගොවීන් කියා සිටියා. මේනිසා ලබා ගත් ණයද ගෙවා ගත නොහැකිවී තිබෙන බවයි ඔවුන් වැඩිදුරටත් පැවසුවේ.

මෙම කිරි ගවයින් ආනයනය කර ඇත්තේ ඉකුත් වසරේදීයි. ගවයෙකුගේ වටිනාකම රුපියල් ලක්ෂ 05ක්වූ අතර එයින් රුපියල් ලක්ෂ දෙකහමාරක් රජයේ මුදලින් සහ ඉතිරිය කිරි ගොවීන් බැංකුවලින් ලබා ගත් ණය මුදලකින් ගෙවනු ලැබුවා. ආනයනය කෙරුණු මුළු ගවයින් ප‍්‍රමාණය 20,000කට ආසන්නයි.